අයිරින් තිලකරත්න කාන්තා වැඩිහිටි නිවාසය
අංක 155/1, ට්‍රැක්මෝ හන්දිය, තිලකරත්න මාවත, ඉහළ ඉඹුල්ගොඩ, ඉඹුල්ගොඩ ලිපිනයේ පිහිටි අයිරින් තිලකරත්න කාන්තා වැඩිහිටි නිවාසය සඳහා අක්කර 01 රූඩි 02 පර්චර්ස් 02 ක් වූ රමණීය භූමි භාගය අයිරින් තිලකරත්න ගුරු මෑණියන් විසින් පරිත්‍යාග කර ඇත.
එහි දැනට නේවාසික මව්වරුන් 31 දෙනෙකු රැකවරණය සලසනු ලබන අතර, අංග සම්පූර්ණ මෙම කාන්තා නිවාසය නේවාසික ශාලා දෙකක්, කාර්යාලය, ගිලන් කාමරයක්, මුළුතැන්ගෙයක් හා දාන ශාලාවකින් සමන්විත වේ. ඉඩම වටා තාප්පයකින් ආරක්ෂිතව ඇත. එවකට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය විසින් 2006 ජූනි මස 03 වන දින මුල්ගල් තබා වැඩ ආරම්භ කරන ලදී. ලක්ෂ 110 ක් පමණ වියදමෙන් ගොඩනැගිලි දෙකක් ඉදිකර එහි එක් ගොඩනැගිල්ලක වැඩ නිම කර (පළමු අදියර) 2010.06.23 දින ආරම්භ කරන ලදී. දෙවෙනි ගොඩනැගිල්ල (දෙවන අදියර0 තව රුපියල් ලක්ෂ 22 ක පමණ මුදලක් වැයකර වැඩ නිමකර 2011.08.11 වන බ්‍රහස්පතින්දා දින විවෘත කරන ලදී. අප සමිතියේ එවකට ගරු උප සභාපති ටී.ඇම්.විල්මන් රුද්‍රිගු මහතාගේ පූර්ණ දායකත්වයෙන් සියලු බඩු බාහිරාදිය සමඟ අංග සම්පූර්ණ මුළුතැන්ගෙය සාදා පරිත්‍යාග කර ඇත. මෙය ආරම්භයේ සිටම ප්‍රථම සම්පාදකවරයා වූයේ ගාමිණී ජයවීර මහතාය. වසර ගණනාවක් පමණ සම්පාදක ධූරය දැරූ එතුමා නිවාස කළමනාකාරු වශයෙන්ද දීර්ඝ කාලයක් සේවය කළේය.
අප සමිතියේ භාරකාර මණ්ඩල සාමාජික සාම විනිසුරු කේ.ඒ.උපාලි ධර්මසිරි පීරිස් මැතිතුමා සහ එම මැතිණිය සහ දූ දරුවන් විසින් බුද්ධ මන්දිරයක් සාදවා පූජා කරන ලදී. ලක්ෂ 27 ක වියදමින් කොළඹ ශ්‍රියානි රෙස්ටුරන්ට් අධිපති ව්‍යාපාරික කනගරාජා මහතා විසින් උපකරණ සහිත අංග සම්පූර්ණ දානශාලා ගොඩනැගිල්ලක් 2018 වර්ෂයේ සාදා පරිත්‍යාග කර ඇත. එයට සමගාමීව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ දානමය පුණ්‍යකර්මයක් සමිතිය මඟින් පවත්වන ලදී.
ළිඳක් සාදා ගැනීම සදහා ඉඩම් කොටසක් සහ එම ළිඳ ළඟට යාමට අඩි 3ක පාරක්ද ඉඹුල්ගොඩ පදිංචි එම්.ජී.චන්ද්‍රසේන මහතා විසින් ලබා දී ඇත. 2010.09.11 දින මෙම වැඩිහිටි නිවාසයට ඉඩම පරිත්‍යාග කළ අයිරින් තිලකරත්න ගුරු මාතාව අභාවප්‍රාප්ත වූ අතර, ඇයගේ අවමංගල්‍ය කටයුතු සමිතියේ අනුග්‍රහයෙන් සිදු කරන ලදී.
- +94 11 3065014
- +94 77 7970184
2010 ජුනි 23 වෙනි දින නේවාසික සංඛ්‍යාව 31 (2024.03.20 දිනට)
සමිතිය විසින්, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ හා වෙනත් පරිත්‍යාගශීලීන්ගේ ආධාර හා සමිතියේ ද අරමුදල් වලිනි.
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත පමණි.
Bank | ලංකා බැංකුව |
---|---|
Branch | කිරිබත්ගොඩ |
Account Number | 0004915826 |
ඉඹුල්ගොඩ ට්‍රැක්මෝ හංදියේ පදිංචිව සිටි අයිරින් තිලකරත්න ගුරු මෑණියන් විසිනි.