කිරිබත්ගොඩ YMBA පුස්තකාලය
කිරිබත්ගොඩ කැලණි තරුණ බෞද්ධ සමිති පුස්තකාලය
වර්ෂය ආරම්භයට පෙර කැලණි තරුණ බෞද්ධ සමිතියේ පරමාර්ථ ඇතුළත් කොට සිංහලෙන් මාසික දින දර්ශනයක්ද ඩිජිටල් දින දර්ශනයක්ද ඉංග්‍රීසි දින දර්ශනයක්ද නිර්මාණය කළෙමු. සිංහල දින දර්ශනය පිටපත් 500 ක් මුද්‍රණය කර සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, ඇතුළු විධායක සභිකයන්ටද සියළුම සාමාජිකයින්ටද බෙදා හැරීමට කටයුතු සම්පාදනය කරන ලදී. මෙම කැලන්ඩර බෙදා හැරීම සාර්ථකව සිදු වූයේ කාර්යාලයේ කළමනාකාර සහකාර මනෝරි රණසිංහ, පාලන නිලධාරී හේමන්ත පෙරේරා ප්‍රධාන සෙසු නිලධාරීන්ගේ කැපවීම නිසාය.
ඩිජිටල් කැලන්ඩරය සකස් කළේ හිටපු සභාපති සේපාල රත්නායක මහතාගේ නිර්මාණ උපදෙස් අනුවය. එය නිර්මාණය කළේ කාර්යාලයේ කළමනාකාරන සහකාර රසාංග අබේකෝන් මහතා විසිනි. ඉංග්‍රීසි කැලන්ඩරය මුද්‍රණය කිරීමට මූල්‍යමය අනුග්‍රහය දැක්වූයේ විධායක සභික සිරිල් පතිරණ මහතාය. එයින් පිටපත් 1000 ක් මුද්‍රණය කෙරුණි.
දොස්තර චන්ද්‍රකීර්ති මහතාගේ මූල්‍යමය අනුග්‍රහයෙන් සිංහල කැලන්ඩර් 500 ක් මුද්‍රණය විය. කැලන්ඩරයක් මුද්‍රණය කිරීමට යෝජනාව මුලින්ම ගෙන ආවේ ගරු අනුශාසක ආචාර්ය පූජ්‍ය මාකොල මංගල ස්වාමීන් වහන්සේ විසින්ය.
පුස්තකාලයට කැනෝන් වර්ගයේ රු.35000.00 ක් පමණ වටින ප්‍රින්ටරයක් අප විසින් පරිත්‍යාගශීලියෙකුගෙන් (නොමිලේ) ලබාගත් අතර විධායක සභාවේ අනුමැතියෙන් රු.200,000.00 කට වැඩි වටිනාකමක් ඇති පරිගණකයක්ද ලබා ගතිමු.
1958 සිට ලියාපදිංචි නොකළ කැලණි තරුණ බෞද්ධ සමිති පුස්තකාලය කොලඹ, නිදහස් මාවතේ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ලියාපදිංචි අංක – NLR / OL / 2023 / 029 යටතේ ලියාපදිංචි කිරීමට, දහස් ගණන් පොත් ඇතුලත් කළ හැකි පරිග්‍රහණ ලේඛණයක් මිලදී ගැනීමට කටයුතු කළෙමු. මේ සඳහා රු.10000.00 කට වඩා වැඩි මුදලක් අප අතුරු කාරක සභාව වෙනුවෙන් පරිත්‍යාග කළෙමු. පුස්තකාලයට දුරකථනයක් ලබා ගැනීම, ප්‍රදර්ශන නාම පුවරුවක් සවි කිරීම, විධායක සභික ජී.ඩී.සමන් කුමාර මහතාගේ මැදිහත්වීමෙන් පරිගණකය ලඟට පෙඩෙස්ටල් විදුලි පංකාවක් සවි කිරීමද 2024 ජනවාරි මාසයේදී සිදු කෙරිණ. මේ වසරේ පුස්තකාලය ස්වයංකරණය කිරීම පිළිබඳ විධායක සභිකයන් දැනුවත් කිරීමට ජනවාරි 08 වන දින කැලණි විශ්ව විද්‍යාලයේ පුස්තකාල විද්‍යා හා විඥාපණ අංශයේ අංශාධිපති මහාචාර්ය ඩබ්.එම්.කේ.වීරසිංහ මැතිතුමා ප්‍රධාන ආචාර්ය මහාචාර්යවරුන්ගේ දේශනයක් සහිත උත්සවයක්ද පුස්තකාලය නවීකරණය කිරීමට දායක වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානයක්ද, මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගැනීමටද අපට හැකි විය.
මෙම උත්සවයට විධායක සභිකයන් හා සාමාජිකයන් 15 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගී වූ අතර කැලණි විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 25 දෙනෙකුට වඩා සහභාගී වූහ. දැනට පුස්තකාලය ඩිවි දශමකරණය වැඩසටහන අවසන් කොට ඇති අතර කොහා ඔටෝමේෂන් සිස්ටම් ක්‍රමයට පොත් බාගත කිරීම කරගෙන යනු ලැබේ. පුස්තකාලය විවෘත කිරීමෙන් පසු 2024 ට සාමාජිකයන් 100 කට ආසන්න ප්‍රමාණයක් අලුතෙන් බඳවා ගත් අතර සියලු සාමාජිකයන් වෙනුවෙන් වට්ස්ඇප් සමූහ කාණ්ඩයක් අලුතෙන් ආරම්භ කර තිබේ.
පී.ඇම්.සේනාරත්න
(ගරු සම්පාදක)