මාකොළ මංගල හිමි පණිවිඩය

ශ්‍රී ලංකාවේ බෞද්ධ සමිති ඉතිහාසය දෙස බලන විට 1880 දී ආරම්භ කරන ලද පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය ආරම්භ කළ පළමු බෞද්ධ සංවිධානයයි. එහි පුරෝගාමීන් වූයේ ජෙනරාල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා, හික්කඩුව සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, ධර්මපාල වැනි බෞද්ධ නායකයන් ය.

තරුණ බෞද්ධ සංගමය 1898 ජනවාරි 8 වැනි දින පිටකොටුව මැලිබන් වීදියේ “සරසවි සඳරැස” පුවත්පත් කාර්යාලයේදී අනගාරික ධර්මපාලතුමාගේ සභාපතිත්වයෙන් ආරම්භ කරන ලදී. පළමු සභාපතිවරයා වූයේ කැලණිය වරාගොඩ පදිංචිව සිටි ශ්‍රීමත් ඩී බී ජයතිලක මහතාය.

ඔහු එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ උප විදුහල්පතිවරයා විය. සී.එස්.දිසානායක මහතා පළමු ලේකම්වරයායි. සීඑස් දිසානායක මහතා තරුණ බෞද්ධ සමාජයේ පුරෝගාමියා ලෙස හඳුන්වනු ලබයි. අදින් වසර 125 කට පෙර ආරම්භ වූ මෙම සමිතියේ ආරම්භක සාමාජිකයින් සංඛ්‍යාව හතළිස් දෙකකි

අනුශාසක කැලණි තරුණ බෞද්ධ සංගමය

පූජ්‍ය මාකොළ මංගල නායක ස්ථවිර

රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය විහාරාධිපති

කිරිබත්ගොඩ සුදර්ශනාරාමය

NOTICE BOARD