ආරම්භය:

1958 අගෝස්තු මස 03 වෙනි ඉරු දින

පරමාර්ථ:

(අ) බුදුදහම පැතිරවීමට, ඉගෙනීමට හා ප්‍රායෝගිකව පිළිපැදීමට උනන්දු කිරීම සහ ඒ සඳහා පහසුකම් සැලැස්වීම.

(ආ) බෞද්ධ ජනතාව අතර සමගිය, සමාදානය හා සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම.

(ඇ) බෞද්ධයන් තුළ සදාචාර, සංස්කෘතික, භෞතික හා සමාජමය සංවර්ධනය ප්‍රගුණ කිරීම.

(ඈ) බුදුදහම සුරැකීම සහ වර්ධනය කිරීම.

(ඉ) සමාජ ආපදා අවස්ථාවන්හිදී හා සමාජ විරෝධී සිදුවීම් වලදී බෞද්ධ දර්ශනයට අනුව ඒවා මැඩපැවැත්වීම සඳහා කටයුතු කිරීම.

පුණ්‍යායතනයක් කිරීම:

ලංකා ආණ්ඩුවේ අංක 11655 දරණ ගැසට් නිවේදනයෙන් 1959 ජනවාරි 30 වැනි දින පුණ්‍යායතනයක් වූ බැවින් ආදායම් බද්දෙන් නිදහස් වේ.

සංස්ථාපිත කිරීම:

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 1966 වර්ෂයේ 19 දරණ පණතිනි.

දිනය 1966 ජුනි 22