කැලණි තරුණ බෞද්ධ සමිතියේ ප්‍රථම ප්‍රකාශනය
ශ්‍රී කල්‍යාණි බෞද්ධ සමිතිය පිහිටවූ මංගල මහා සභා රැස්වීමේදී (1958.09.07) අතුරුකාරක සභා පිහිටුවීමද, ආගමික, සමාජ සේවක, ක්‍රීඩා භූමි හා කියවීම් ශාලා, ප්‍රචාරක හා ප්‍රකාශන, වැඩිහිටි නිවාස, මුදල්, විනය හා පරිපාලන, ආදී වශයෙන් ඒවා නම් කොට සාමාජිකයින් පස්දෙනා බැඟින් පත්කිරීමද සිදුවිය. මෙහිදී ප්‍රචාරක හා ප්‍රකාශන අංශයට පත්කර සිටියේ චන්ද්‍රසිරි කුලරත්න, සෝමපාල දිසානායක, ඩී.ඩී.හපුආරච්චි, ඩී.ආර්.ජයමාන්න, චූලසේන පද්මනාථ යන මහත්වරුය.
ප්‍රකාශන අංශය විසින් දහම්පොත්, දහම් පත්‍රිකා වරින්වර ප්‍රකාශයට පත්කළ අතර මහා කවි ආනන්ද රාජකරුණා මහතා ලියූ “කැලණි නෙත” නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.
ආනන්ද රාජකරුණා මහා කවියා මෙම පොත “කැලණි නෙත” රචනා කොට ඇත්තේ 1943 දීය. එහෙත් එය ප්‍රකාශයට පත්කොට නොතිබුණි. මෙය රචනා කරන ලද්දේ කැලණි බෞද්ධ සමිතියේ ආරාධනය පරිදිය.
කැලණියට නෙතක් තබන්නැයි කැලණි බෞද්ධ සමිතිය ආනන්ද රාජකරුණා මහා කවියාගෙන් කළ ඉල්ලීම එලෙසින්ම ඉටු කළේය.
කැලණි නෙත පාසල් ග්‍රන්ථයක් ලෙස භාවිතයට 1965 සිට යොමු වූ බව කේ.ඩී.ද.ලැනරෝල් මහතා ප්‍රකාශ කර ඇත. “කැලණි නෙත” කවිපොතේ අයිතිය කිරිබත්ගොඩ කැලණි තරුණ බෞද්ධ සමිතිය සතුය.
ගුරුවරයෙකු, ලේඛකයකු, පුවත්පත් සංස්කාරකවරයෙකු සහ කථිකයකු ද වශයෙන් මහා කවි ආනන්ද රාජකරුණා ප්‍රසිද්ධය. 1885 පෙබරවාරි 07 වන දා දකුණු පළාතේ, අම්බලන්ගොඩ මාදම්පා ගමේදී මෙලොව එළිය දුටු ඔහුගේ සම්පූර්ණ නාමය අගම්පොඩි විජයවර්ණකුල ඇල්ප්‍රඩ් රාජකරුණා ය. හෙතෙම පසුව සිය “ඇල්ප්‍රඩ්” යන ඉංග්‍රීසි නම වෙනුවට “ආනන්ද” නාමය ගත්තේ අන්‍යයන්ටත් ආදර්ශයක් වන පරිදිය. ඔහු සිය ජීවන වෘත්තිය ඇරඹුවේ ගුරුවරයෙකු වශයෙනි.
“සිංහල බෞද්ධයා”, “සිංහල සමය” පත්‍රවල ද සේවය කළ රාජකරුණා පසුව “බෞද්ධයා” යන්ත්‍රාලයේ කෘත්‍යාධිකාරී පදවියට පත් වූයේය. රජ සිරිත් මාලය, නමොතෙ මාතා, ගීතානන්ද, ආනන්ද රචනා, ඩෙන්හැම් වරුණ, රුක්මාවතී කතාව, සිංහල කොඩිය, ජාතික මඟුල් පඬුර, සිංහල දරු නැලවිල්ල ආදී වශයෙන් විශාල කවි පොත් සංඛ්‍යාවක් රචනා කළේය. එතුමා දරුවන් වෙනුවෙන් ලියූ “රෝස මලේ නටුවෙ කටූ” යන කවි පන්තිය එකල ලංකාවේ නොදන්නා අයෙකු නොවීය.