කාන්තා වැඩිහිටි නිවාසය - වෑබඩ

කොළඹ නුවර පාරේ කිරිල්ලවල ඉදිගහමුල හන්දියෙන් හැරී වෑබඩ පාරේ සැතපුම් එකක් ගිය තැන කිරිල්ලවත්ත, වෑබඩ ගම්බඳ පරිසරයක පිහිටා ඇති කාන්තා වැඩිහිටි නිවාසය සඳහා රූඩි 01 ක් වූ භූමි භාගය මාදන් ආරච්චිගේ රම්‍යා සෙනෙවිරත්න මහත්මිය විසින් පරිත්‍යාග කර ඇත.

1991.12.06 දින ආරම්භ කරන ලද මෙම වැඩිහිටි නිවාසයේ දැනට නේවාසික මව්වරු 15 දෙනෙකු පමණ රැකවරණය ලබති. 1990.12.06 දින පළමු පස් පිඩැල්ල කැපීමෙන් පසු වර්ෂයක් වැනි කෙටි කාලයකින් මෙම නිවාසය සාදා නිමකර ඇත. මෙහි ඇස්තමේන්තුගත වියදම රු.950000.00 ක් විය. (දිග අඩි 107 සහ පළල අඩි 27 ක ගොඩනැගිල්ලක්) වැඩිහිටි නිවාස සේවාව ඉදිරියට ගෙන යාමේ තවත් අවස්ථාවක් ලෙසිනි. 1990.12.06 දින ආරම්භ කරන ලද කාන්තා වැඩිහිටි නිවාසය ඉදිකිරීම් කටයුතු වර්ෂයක් වැනි කෙටි කාලයක් තුළ නිමවා එනම් 1991.12.06 වෙනි දින ගෙවැදීමට හැකි වී ඇත. එදින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද 07 වැනි දින ස්වාමීන් වහන්සේලා 25 නමකට සාංඝික දානයක්ද පිරිනමා 08 වෙනි දින උත්සව සභාවක් පවත්වා නිවාසයේ වැඩකටයුතු ආරම්භ විය.

වෑබඩ නිවාසයේ ඉදිකිරීම් සාදා එම්.ඒ.පී.මන්ත්‍රීරත්න මහතා විශාල මුදලක් පරිත්‍යාග කර ඇති අතර වෑබඩ ගම්වාසීන්ගෙන් මේ සඳහා විශාල සහයෝගයක් ලැබී ඇත.

මෙම උත්සවය සඳහා සමිතියේ විශේෂ ආරාධනය පිළිගෙන විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ හෙල්ප්ඒජ් ආයතනයේ සභාපති සාමවිනිසුරු එච්.පී.ගුණරත්න මහතා සහ එහි ජාතික අධ්‍යක්ෂ ලීල් ගුණසේකර මහතාද ඉඩම පරිත්‍යාග කළ රම්‍යා සෙනෙවිරත්න මහත්මිය හා එම මහතාද රුපියල් ලක්ෂ පහක ආධාර මුදලක් ලබාදුන් එම්.ඒ.පී.මන්ත්‍රීරත්න මහතා සහ එම මහත්මිය ඇතුළු අමුත්තන් පිරිස අප සමිතියේ සභාපති කේ.පී.සුමනපාල මහතා ප්‍රමුඛ විධායක සභාව විසින් පිළිගෙන අප ළමා නිවාස තූර්ය වාදක කණ්ඩායම හා බාලදක්ෂ කණ්ඩායම පෙරටුකොටගෙන උත්සව භූමිය වෙත කැඳවාගෙන යන ලදී.

සත්කෝරල මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරන්දර ආචාර්ය කාක්කපල්ලියේ අනුරුද්ධ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹී උත්සව සභාවේ පිළිගැනීමේ කථාව සමිතිය වෙනුවෙන් ගරු ලේකම් සෝමදාස ඇඹුල්දෙණිය මහතා විසින් පැවැත්වූ අතර, ස්තූති කථාව ගොඩනැගිලි කමිටුවේ ගරු සම්පාදක සාමවිනිසුරු ඩී.පී.සූරියආරච්චි මහතා විසින් සිදු කර ඇත.

වැඩිහිටි නිවාස කමිටුවේ ගරු සම්පාදක ඒ.ආර්.හෙට්ටිආරච්චි මහතා නිවාස ගොඩනැගිල්ලේ අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කරන ලද අතර, ආරාධිත අමුත්තන් වෙනුවෙන් ලීල් ගුණසේකර මහතා ද කේ.ජී.ජී.නිලමේ මහතා ද සභාව ඇමතීය.

කාන්තා වැඩිහිටි නිවාසයේ ආදායම් වියදම් ක්‍රමවත්ව පවත්වාගෙන යාමේ පහසුව පිණිස කිරිබත්ගොඩ මහජන බැංකුවේ ජංගම ගිණුමක් විවෘත කර ඇත. පිරිමි වැඩිහිටි නිවාසය ලියාපදිංචි කර ඇති බැවින් කාන්තා වැඩිහිටි නිවාසය ලියාපදිංචි කිරීම සඳහා විශේෂ අනුමැතියක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් දක්වා ඇති බැවින් ඒ අනුව කාන්තා නිවාසයද සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත. කාන්තා වැඩිහිටි නිවාසයේ ප්‍රථම පාලිකාව වශයෙන් විශ්‍රාමික ගුරුවරියක් වූ චන්ද්‍රා කුමාරි තල්පේ මහත්මියද මුළුතැන්ගේ කටයුතු සදහා එම්.එස්.එම්.බේබිනෝනා මහත්මියද සම්මුඛ පරීක්ෂණයක් මඟින් තෝරා ගෙන ඇත. ඩී.අර්.පොඩිමැණිකේ මාතාව කාන්තා නිවාසයට ඇතුලත් වූ ප්‍රථම නේවාසිකාව විය.

  • +94 11 2973039
  • +94 77 7970452

1991 දෙසැම්බර් මස 06 දින නේවාසික සංඛ්‍යාව 15 (2024.03.20 දිනට)

සමිතිය විසින්, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ හා වෙනත් පරිත්‍යාගශීලීන්ගේ ආධාර හා සමිතියේ ද අරමුදල් වලිනි.

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත පමණි.

Bankමහජන බැංකුව
Branchකිරිබත්ගොඩ
Account Number237100170886356